ආයෙමත් අපි හමුවේවී෴
_06(අවසාන) කොටස_ "ඔයා අර චොකලට් එක දීපට දුන්නද" විනාඩියක් යන්නත් කලින් අහිංසගෙන් ආව කෝල් එකේ මුල්ම වචනවල තිබුණේ ආවේගයක්. "ඔව්." මම කෙටි පිළිතුරක් තවත් ප්‍රශ්න උල්පතකට හේතුවක් විදිහට අහිංසට දුන්නා. "ශිට්... මොනා ඒ කළේ අයියෙ.. දැන් දීප මොනවා හිතයිද.. දැන් කොහෙද ඉන්නෙ.." එදා අහිංසා කිව්ව විදිහට දීපටත් කියන තැන කියවුණ දේ මම වැරදි විදිහට තේරුම් අරගෙන ආත්මාර්ථකාමී විදිහට කරපු දේ ගැන මං පසුතැවුණා. "දීපලගෙ ගෙදර" මේ වචන දෙක කියනවත් එක්කම අහිංසගෙ කෝල් එක කට් වුණා. ඇත්තටම ඒ කෝල් එක කට් කළා ද කට් උනා ද? අගක් මුලක් තේරුමක් වැටහීමක් නෑ, හරියටම උභතෝකෝටික ප්‍රශ්නයක මම පැටලිලා ඉන්න බව නම් තේරුම් යන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. "කවුද.. අරකි නේද.." දීප මෙච්චර වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියා කියලා මං දැගත්තෙ එවෙලෙ. ඒ මූණේ තිබුණේ තරහක් ද කළකිරීමක් ද කියන්න තේරුණේ නෑ. ඒත් ඒ වචනවලින් තේරුණේ මාව දීපට දැනටමත් සැකයි කියනෙක. "නෑ බං." "හ්...හ්.. මරු.. එල.." දීපගෙ පල් හිනාවයි බොරු වැනීමයි මාව කඩලා බිඳලා පහතටම දැම්මා. ඇයි මමත් ඒ අහිංසා කියල...