ආයෙමත් අපි හමුවේවී෴



_05 කොටස_

" මට ඔයාව meet වෙන්න ඕන අයියෙ. Monday පාර්ක් එකේ අපි මුලින්ම කතාකරපු දවසේ හිටිය තැනට එන්න. See you soon.. ummmmha.. "

සීආර් කොලේ මැද්දට වෙන්න මේ ලියලා තිබුණ දේ දැක්ක මට එකපාරම හීන් දාඩිය දැම්මා.

"මේ මොකද්ද" දීපගෙ මූණ දිහා බලපු මම ඇහුවා.

"දන්නෑ.." අහක බලාගෙනම දීප දීපු උත්තරය ඇතුළේ කියාගන්න බැරුව ඌම පැටලුණ අවුල් ජාලයක රස්සෙ තිබුණා.

"කාගෙන්ද මේක.." මම පිළිතුරක් හිතේ තියාගෙන අහපු ප්‍රශ්නෙට දීපගෙ උත්තරේ ගැලපෙන්න එපා කියලා හිතින් ප්‍රාර්ථනා කළා.

"එදා අර චොකලට් එක දීපු කෙනා." බිම බලාගෙනම දීප මට කිව්වා.

එතකෙට මේ අහිංසද ? මං හිතපු උත්තරේමයි. ඒත් අහිංසා දීපට කවදාවත් අයියෙ කියලා කතා කරලා නෑ. ඒ නිසාද මේ විදිහට දීප හැසිරෙන්නෙ.

"උඹ ඇයි ගියෙ නැත්තෙ.."

"ඇයි මං යන්නෙ.. අපි මුලින් ම කතා කළේ පාර්ක් එකේ නෙවෙයි. හොස්පිටල් එකේ දි.. මේක මට නෙවෙයි, උඹට එවපු එකක්.."

"මට..... අහිංසා.... පිස්සුද උඹට" දීප ඇයි මට මේක දුන්නා කියන්නෙ. මගේ නමක්වත් කියලා නෑනෙ. මේක වෙන කාට හරි දුන්න එකක් වෙන්න ඇති. ඇයි දීප මාව සැක කරන්නෙ ? හරියට වැස්සක් අස්සෙ අකුණක් ගැහුව වගේ බය වුණ මම ආයෙමත් ඒ කඩදාසිය දිගැරලා බැලුවා. මට පෙණුනෙ පාර්ක් ⁣එකේ අපි මුලින් ම කතා කරපු තැන. අහිංසගේ රූපෙත් එක්ක මම ඒ දවසට ගියා. ආයෙත් ආවා. මකන්න බැරි හින්දා ගංගලා තිබුණ මොකද්දො කුරුටුගාපු වරදකාරී හැඟීමක් එක්ක ඒ වචනවල එහා මෙහො ආය ආයම මං ගියා.

"ඇයි මචං උඹ කලින් කිව්වෙ නැත්තෙ. උඹලා දෙන්නම මාව රැවැට්ටුවා. අබ්බගාත මාව රැවැට්ටුවා." දීප ඉකිගහන්න පටන් ගත්තා. කවදාවත් දීපගෙ ඇඬිල්ල විලාපයක් උනේ නෑ. කඳුළු එක්ක ඉකිගහන දීප කියපු වචන එක්ක මම හරි අසරණ වුණා. මට කියන්න ඕන මං මේවට සම්බන්ධ නැති බව. ඒත් මම හිතට එහෙම කියන එක හෘද සාක්ෂියට එකඟද.

"උඹ මොන #$ක්ද මේ කියන්නෙ.. මං තොට මොනාද කළේ.. උඹට අබ්බගාත කියාගන්න උඹට කොහෙන් ද අයිතියක්.." ⁣රැල්ල ගේන අලුත් වැල්ලෙන වැහෙන පරණ බෙල්ලන් රැල්ල නිසාම ආයම මතු වෙනවා වගේ දීපයට තිබුණ පරණ හිතවත්කම නුහුරු හැඟීම යට කරගෙන උඩට ආවා.

"ඒකි හිතන් ඉන්න දේවල් නම් මං දන්නෑ. උඹ දන්නවනෙ මං ලඟ එහෙම $% වැඩ නෑ කියලා. ගනිං කෝල් එකක් ඕකිට." හිතට වංකවෙලා ප්‍රතික්ෂේප කරන නිසාදෝ මගේ ෆෝන් එක තියෙද්දිත් දීපගෙ ෆෝන් එක උදුර ගත්තා.

"ගනිං කෝල් එකක්. කාටද මේක දුන්නෙ මොනාටද කියලා. අම්මපා කන පලනවා ඕකිගෙ ලඟ හිටියා නම්." පිට අල්ලෙන් ඇස්වලින් බේරෙන කඳුළු පිහදාන ගමන් දීප කෝල් එක ගත්තා.

"හලොව් දීප"

"චොකල්ට් එක අස්සෙ තිබුණ දේ මොකද්ද ?"

"වට්! මොනා ගැන මේ අහන්නෙ ? "

"ඒක කාටද ? මොකද්ද ඒකෙ තේරුම ?" දීපගෙ මේ තරම් සන්සුන් බවක් කවදාවත් දැකලා නෑ. මේ වගේ වෙලාවක කෑගලා දෙවනක් කරන මනුස්සයා හිතලා බලල කතා කරන එක මට එක අතිකින් බයක් ඇති කළා. මහා කුණාටුවකට කලින් උනත් තියෙන්නෙ දැඩි නිහැඬියාවක්නෙ.

"අහන්න තියෙන දේ ඩිරෙක්ට් අහන්න. මොකද්ද ඔයා ඔය කියන්නෙ කියලා මට තේරෙන්නෑ. ඩ්‍රින්ක්ස් අරන් ඇත්තෙ අනිවාර්යයෙන්ම. සොරි. මං පස්සෙ ගන්නම්. බායි." අහිංසගෙ නොසෙල්වෙන වචන එක්ක දීපගෙ හිත තවත් රිදෙන්න ඇති. මං දන්නවා අනිවාර්යයෙන්ම මේ ලියුම මට කියලා. ඒත් මම ඒක පිළිගන්න සූදානම් උනේ නෑ. ඒ අවංක මිත්‍රත්වයක් නිසාමද කියල කියන්න මම දන්නැහැ.

"බලපන් මේකිට කතා කරන්න බැරි හැටි." දීප තරහෙන් ෆෝන් එක ඇඳට විසිකළා. මෙට්ටෙ අයිනටම ගිහින් බිමට වැටෙන්න ගිය ෆෝන් එක මම අල්ල ගත්තා. ඒ එක්කම මගේ ෆෝන් එක කලිසම් සාක්කුවේ දෙදරන්න පටන් ගත්තා.

"සමහරක් පිළිගන්න බැරි හැඟීම් අපේ හිත් දූෂණය කරනවා. ඒව පිළිගත්⁣තොත් අවසානයේ නරුමයෙක් වගේ පේන්නැතවම මැරිලා යනවා. හෘද සාක්ෂිය හැම වෙලාවෙම සත්‍යමත්, නිවැරදිමත් වෙන්නෙ නැත්තෙ ඒ නිසයි."

ආයෙමත් අපි හමුවේවී෴

නිපුන් ඉමාෂණ රණවීර ✍️
2021.12.22

01 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post.html

02 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_5.html

03 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_16.html0

4 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_18.html

Comments

Popular posts from this blog

නුඹත් හරි මේ සසර පුරුදුමය...

අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..