අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..




සක්වලේ තරුත් මදි මගේ හීන        ගනින්න
නුඹත් ඇති ඉරක් මෙන් ඇස් පියන්   බලන්න
රෑ මොකද දවල්ටත් නුඹේ මුව          දකින්න
සඳ නැතුව ඉරවෙයන් පිච්චිලා      මැරෙන්න

නිල්ම ඇස් ඉල්ලුවත් කඹුරුවන්   තියෙන්න
කල්පිතයි ප්‍රේමයත් නුඹ නැතුව      දකින්න
මාත් තව කාලයක් ඉල්ලුවත්          මවන්න
ඇත්ත ඇස්පිට තියන් මොනා තව හිතන්න

දිනක් එයි කියු ලෙසම අපිට අපි      දකින්න
එදාටත් ලං වෙලා මුලු පපුව             බදන්න
ලෝකයේන් හැංගිලා හිත්වලින්   බැ⁣ඳෙන්න
අපි තරම් කවුදවෙන ඉසුරුමුණි  හැරෙන්න

නිපුන් ඉමාෂණ රණවීර෴ ✍️
2021.11.16

Comments

Popular posts from this blog

නුඹත් හරි මේ සසර පුරුදුමය...