නුඹත් හරි මේ සසර පුරුදුමය...
මතකයේ මල් පිපෙන කාලෙට
වසන්තය යැයි කියමි කෙලෙසද
නමුත් ලිහිණින් නොමැති කාලෙට
වහින්නේ ඇස්වලින් නම් නොව
ප්‍රේමයේ ලස්සනම මල්වල
පූජනීයලු කෙසරුවේ සිට
පරවෙලා පෙති හැලී යන කල
කලින් පරවුණේ සුවඳ හිත්මය
පතන්නේ නම් මතුභවේ නුඹ
ගමන එකමය නම වෙනස් වුව
කාටවත් නොකියාම වැරදිය
නුඹත් හරි මේ සසර පුරුදුමය
නිපුන් ඉමාෂණ රණවීර. ✍️
2021.11.06

Comments
Post a Comment