Popular posts from this blog
නුඹත් හරි මේ සසර පුරුදුමය...
මතකයේ මල් පිපෙන කාලෙට වසන්තය යැයි කියමි කෙලෙසද නමුත් ලිහිණින් නොමැති කාලෙට වහින්නේ ඇස්වලින් නම් නොව ප්‍රේමයේ ලස්සනම මල්වල පූජනීයලු කෙසරුවේ සිට පරවෙලා පෙති හැලී යන කල කලින් පරවුණේ සුවඳ හිත්මය පතන්නේ නම් මතුභවේ නුඹ ගමන එකමය නම වෙනස් වුව කාටවත් නොකියාම වැරදිය නුඹත් හරි මේ සසර පුරුදුමය නිපුන් ඉමාෂණ රණවීර. ✍️ 2021.11.06 *ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..
සක්වලේ තරුත් මදි මගේ හීන ගනින්න නුඹත් ඇති ඉරක් මෙන් ඇස් පියන් බලන්න රෑ මොකද දවල්ටත් නුඹේ මුව දකින්න සඳ නැතුව ඉරවෙයන් පිච්චිලා මැරෙන්න නිල්ම ඇස් ඉල්ලුවත් කඹුරුවන් තියෙන්න කල්පිතයි ප්‍රේමයත් නුඹ නැතුව දකින්න මාත් තව කාලයක් ඉල්ලුවත් මවන්න ඇත්ත ඇස්පිට තියන් මොනා තව හිතන්න දිනක් එයි කියු ලෙසම අපිට අපි දකින්න එදාටත් ලං වෙලා මුලු පපුව බදන්න ලෝකයේන් හැංගිලා හිත්වලින් බැඳෙන්න අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න නිපුන් ඉමාෂණ රණවීර෴ ✍️ 2021.11.16
Comments
Post a Comment