Posts

Showing posts from December, 2021

ආයෙමත් අපි හමුවේවී෴

Image
_06(අවසාන) කොටස_ "ඔයා අර චොකලට් එක දීපට දුන්නද" විනාඩියක් යන්නත් කලින් අහිංසගෙන් ආව කෝල් එකේ මුල්ම වචනවල තිබුණේ ආවේගයක්. "ඔව්." මම කෙටි පිළිතුරක් තවත් ප්‍රශ්න උල්පතකට හේතුවක් විදිහට අහිංසට දුන්නා. "ශිට්... මොනා ඒ කළේ අයියෙ.. දැන් දීප මොනවා හිතයිද.. දැන් කොහෙද ඉන්නෙ.." එදා අහිංසා කිව්ව විදිහට දීපටත් කියන තැන කියවුණ දේ මම වැරදි විදිහට තේරුම් අරගෙන ආත්මාර්ථකාමී විදිහට කරපු දේ ගැන මං පසුතැවුණා. "දීපලගෙ ගෙදර" මේ වචන දෙක කියනවත් එක්කම අහිංසගෙ කෝල් එක කට් වුණා. ඇත්තටම ඒ කෝල් එක කට් කළා ද කට් උනා ද? අගක් මුලක් තේරුමක් වැටහීමක් නෑ, හරියටම උභතෝකෝටික ප්‍රශ්නයක මම පැටලිලා ඉන්න බව නම් තේරුම් යන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. "කවුද.. අරකි නේද.." දීප මෙච්චර වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියා කියලා මං දැගත්තෙ එවෙලෙ. ඒ මූණේ තිබුණේ තරහක් ද කළකිරීමක් ද කියන්න තේරුණේ නෑ. ඒත් ඒ වචනවලින් තේරුණේ මාව දීපට දැනටමත් සැකයි කියනෙක. "නෑ බං." "හ්...හ්.. මරු.. එල.." දීපගෙ පල් හිනාවයි බොරු වැනීමයි මාව කඩලා බිඳලා පහතටම දැම්මා. ඇයි මමත් ඒ අහිංසා කියල...

ආයෙමත් අපි හමුවේවී෴

Image
_05 කොටස_ " මට ඔයාව meet වෙන්න ඕන අයියෙ. Monday පාර්ක් එකේ අපි මුලින්ම කතාකරපු දවසේ හිටිය තැනට එන්න. See you soon.. ummmmha.. " සීආර් කොලේ මැද්දට වෙන්න මේ ලියලා තිබුණ දේ දැක්ක මට එකපාරම හීන් දාඩිය දැම්මා. "මේ මොකද්ද" දීපගෙ මූණ දිහා බලපු මම ඇහුවා. "දන්නෑ.." අහක බලාගෙනම දීප දීපු උත්තරය ඇතුළේ කියාගන්න බැරුව ඌම පැටලුණ අවුල් ජාලයක රස්සෙ තිබුණා. "කාගෙන්ද මේක.." මම පිළිතුරක් හිතේ තියාගෙන අහපු ප්‍රශ්නෙට දීපගෙ උත්තරේ ගැලපෙන්න එපා කියලා හිතින් ප්‍රාර්ථනා කළා. "එදා අර චොකලට් එක දීපු කෙනා." බිම බලාගෙනම දීප මට කිව්වා. එතකෙට මේ අහිංසද ? මං හිතපු උත්තරේමයි. ඒත් අහිංසා දීපට කවදාවත් අයියෙ කියලා කතා කරලා නෑ. ඒ නිසාද මේ විදිහට දීප හැසිරෙන්නෙ. "උඹ ඇයි ගියෙ නැත්තෙ.." "ඇයි මං යන්නෙ.. අපි මුලින් ම කතා කළේ පාර්ක් එකේ නෙවෙයි. හොස්පිටල් එකේ දි.. මේක මට නෙවෙයි, උඹට එවපු එකක්.." "මට..... අහිංසා.... පිස්සුද උඹට" දීප ඇයි මට මේක දුන්නා කියන්නෙ. මගේ නමක්වත් කියලා නෑනෙ. මේක වෙන කාට හරි දුන්න එකක් වෙන්න ඇති. ඇයි දීප මාව සැක කරන්න...

ආයෙමත් අපි හමුවේවී෴

Image
_04 කොටස_ ඒ ලෙවල් විභාගෙට මාස හතරකට විතර කලින් දීපට අහිංසගෙ ගෙදරින් අරන් දුන්න කිහිළිකරුවලින් දීපව ඇවිදින්න පුරුදු කළෙත් අහිංසා. අහිංසා දීපට ලංවෙලා ආධාරකයක් වගේ දීපට උදව්වෙන විදිහ දැක්කම් මට පුංචි ඉරියාවක් ආවත් යාලුකමට කරන අපරාධයක් විදිහට මං දැක්ක ඒ ඉරියාව එන වාරයක් වාරයක් ගානෙ තලලා පොඩි කරලා ඈතට විසි කළා. ඒත් කොච්චර කාලයක් ඒ දේ කරන්න පුළුවන් වෙයි ද කියලා මට හිතුණෙ නෑ.  "දීපටත් මේකෙන් දෙන්න." දවසක් අහිංසා මට ලොකු රිස්බරි චොකලට් එකක් දීලා මේ කිව්ව දේ එක්ක මම වැඩියෙන් හිතන්න පටන් ගත්තා. දීපටත් කියන එකෙන් අදහස් කළේ මේක මටම දුන්න එකක් කියලද ? ඇයි මට ? මම චොකලට්වලට ආස බව දීප දන්නවා. ඒත් කවදාවත් අහිංසා ඉස්සරහදි ඒ ගැන මම කියලා තිබුණේ නෑ. දීප කියන්න ඇති. ඒත් මට මොකටද ? "ඉඳා උඹට දෙන්න කිව්වා." ක්ලාස් එකේ පස්සෙ පේලියට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය දීපට චොකලට් එක දික් කරන ගමන් කිව්වා. "තොට පිස්සුද ... මං ඕවා කන්නෑ කියලා දන්නවනෙ... කවුද දුන්නෙ.. " දීප හිනාවෙන ගමන් මගෙන් ඇහුවා. "වෙන කවුද " මම දීපගෙ පැත්තෙන් චොකලට් තියලා අත වගේම හිතත් චොකලට් එකෙන් නිදහස් කළා. ...

ආයෙමත් අපි හමුවේවී෴

Image
_03 කොටස_ බැඳිම්වල හිර වෙලා අල්ලන් ඉන්න බැරි තැනුත් අල්ලන් දරන් ඉද්දි හිතෙන්නෙ අපි හරි ශක්තිමත් කියලා. ඒත් ඒවා අත්හැරේද්දි තමයි තේරෙන්නෙ, අපි එහෙම නෑ කියලා. මට සිහිය එද්දි මම හිටියෙ පොඩි ලී පුටුවක වාඩිවෙලා. මගේ ඇස් දෙක බාගෙට ඇරෙද්දි මං දැක්කෙ පොඩි කොල්ලෙක් මගේ මූණ දිහා කටැරගෙන පුදුමෙන් වගේ බලන් ඉන්නවා. ඇස් දෙක ඇරෙනවත් එක්කම තාත්තේ කියාගෙන කෑ ගහගෙන දිව්ව ඒ කොල්ලා මැදි වයසෙ මනුස්සයෙක් එක්ක මගෙ ලඟට ආවා. "මේක බොන්න.." ඒ මනුස්සයා මගේ දිහාට වතුර බෝතලයක් දික් කළා. උගුරු දෙක තුනක් කටට හලාගත්ත මම, අතට වතුර ටිකක් අරන් මූණ තෙත් කරගත්තා. "මාත් එක්ක හිටිය අනිත් කෙනාට මොකද උනේ.." දීප ගැන මං ඇහුවෙ හිතේ වේදනවට ආයෙත් කතා කරන ගමන්. දීපගෙ වම් කකුල බයික් එකට යටවෙලා දණිස ලඟින් පැලිල එලියට ඇවිත් තිබුණ ඇට කටු එක්ක ලේ විල මතක් වෙද්දි ආයෙත් මුළු ඇඟම පණ නැති වෙන්න වගේ. බයික් එක හප්පලා ගිය එකා ගැන මගේ හිතේ ඇති වෙන තරහ නිසා ඒ බය යට වුණා. දැන් හොයගෙන ගිහින් ගහල ගහලා මරලා දාන්න තරම් කේන්තියි. කවදාවත් ඒ වගේ අසරණ මූණත් මං දීපගෙන් දැකලා තිබුණේ නෑ. "හොඳ වෙලාවට අර වාහනේ හිටියෙ දොස්තර කෙනෙක්....

ආයෙමත් අපි හමුවේවී෴

Image
- 02 කොටස - මෙච්චර කාලයක් ගෙදරටවෙලා නැත්නම් ඔහේ රස්තියාදු ගහපු මම තාත්ත එක්ක වැඩට ගියේ කරන්න වැඩක් නැති නිසා නෙවෙයි. මේ වෙද්දි අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න හරියට. තාත්තා නිතරම කිව්වෙ පොත ඉගෙන ගත්තට සමාජෙට ගියාම අතරමං වෙනවා කියලා. තාත්තගෙ පුරුද්දක් තිබුණා අපිට නොතේරෙන්න අපිට දේවල් දැනෙන්න අරින්න. "රත්නපාල අයියගෙ දුව කැම්පස් තේරිලා. ඊයෙ ලියුම ඇවිත් තියෙන්නෙ." තාත්ගෙ වචන මට ගහපු හින්ට් එකක් වගේ. කවදාවත් පන්තියේ මුල් ලකුණුවල හිටියෙ නැති මට ඇහෙන්න කියපු දෙයක් විදිහට මං එක පිළිගත්තා. ඒත් ඒකට මං කරන්න ඕන දේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වුණා. අනික මට ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නෑ. අම්මා උනත් මං කරන්න ඕන මොකද්ද කියලා හරියටම කියන්නෙ නැති නිසා මම මට ඕන විදිහට ඉන්න පුරුදු උනා. ඇත්තටම නිදහස කියන එක ඒ දේ කියලා මම තදින්ම විශ්වාස කරන්න පටන් ගත්තා. ඒත් මේ විදිහට නොදැනෙන්න කියන ගොඩක් දේවල්වලින් මගේ හිත එක විදිහක පීඩනයක් වින්දෙ නැතුවමත් නෙවෙයි. භෞතික දඬුවමකට වඩා ආධ්‍යාත්මික දඬුවම් සැරයි කියලා මං දැන්ගත්තෙ මේ දේවල් සිද්ධ වෙලා ගොඩ කාලයකට පස්සෙ. "පුතාප්පා.. බත් එක බෙදලා..." අම්මගෙ ලෙන්ගතු ව...

ආයෙත් අපි හමුවේවී෴

Image
 - 01 කොටස - ආත්ම ගානක් පැත්තකින් තියලා පහුවෙච්ච දවස් ගාණ බලද්දි, බැඳීම් ගොඩක් හිතේ පුරෝගත්ත, ඇස් අරගෙන හීනෙක ජීවත් වුණ, හරියටම සීතල රාත්‍රියක උණුහුමකට ගුලිවෙන්න පොරකාපු දවස් වගේ තාමත් දැණෙනවා. අපි ආව දුර, මහා ලොකූ දුරක් කියලා කියන්නැහැ මං. ඒත් ඒ දුර පොඩියි කියන්නත් බැහැ. කතාවක් කියවලා ලස්සනයි කියන්න පුළුවන් වුණත් ලියපු කෙනා ඒ අත්දැකීම එකතු කරගත්ත විදිහ එහෙමමයි කියලා කියන්න බැහැ. දවසක්, මට මැසේජ් එකක් එනවා මෙන්න මෙහෙම. "කවියෙක් උනාට ඔයාට අනිත් මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ". මගේ ආසවල් එක පිට එක කඩා වැටෙද්දිත් පොඩිම හරි සතුටක් දුන්න එකම දේත් ඒ වචනවලින් පාගලා පොඩි කරලා දැම්මා. හරියට නුවර ලස්සන කරලා පේමන්ට් එකට වැටුණ රොබරෝසියන් මලක් වගේ, ඔහේ පාගගෙන ගිය; අදටත් යනවා. "හුප්තො.. මොකද වෙන්නෙ" "අඩෝ දීපා, ඉන්නවා බං. මොකද වෙන්නෙ.. වාසියක්වත් නෑ" "හවසට වරෙන් අපේ ගෙවල් දිහා." "මරුනේ.. පැතුමාවත් සෙට් කරගමු.. උඹ නම් දෙයියෙක්.." දීප කියන්නෙ මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක්. ඌ දඩබ්බරයා. ගුරුවරුන්ගෙ ලමයිලුනෙ ඇම්ඩ වැඩ කරන්නෙ. දීපයත් අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ පුතා....