ඒත් රවුමක් මේක ගතින් පමණක් මැරෙන...
මගෙ පපුවෙ අද්දරට සැනසීම ගෙනආව
නුඹත් එක හුස්මක්ය මං හෙලූ අවසාන
තඹර පෙති මැද්දකට මකරන්ද සුවඳේම
මං ඇවිත් ඉල්ලුවත් හැංගියන් පේන්නම
රෑත් එළි වෙන්නේම අඳුර විඳගෙන නේද
ඒත් කෙටි කාලයේ පෙම්වතුන් උන්නේද
කාත් හරි ප්‍රේමයේ හිතම අරගෙන යත්ද
ටිකක් හරි හිත්වලම හොරෙන් හංගන්නැද්ද
ආයෙමත් කිසිදාක හමුනොවන බව කියන
නුඹත් හරි පුදුමයකි සසර අභිමුව හිඳින
නමක් නොතියාම ඉමු දුරින් ඇස් වසාගෙන
ඒත් රවුමක් මේක ගතින් පමණක් මැරෙන
නිපුන් ඉමාෂණ රණවීර ✍
2021.11.06

Comments
Post a Comment