සායමින් හැඩ කළේ මමමයි නුඹ කුරුටු ගෑ හිස් රටා..
වැලලිලා ගිය අතීතේ
මියදිලා නෑ හඬන්නේ..//
ඈත ගව්දුර නෑවිදින්මයි
හුස්ම මල්වල හැලෙන්නේ
නේක තරු කැට දිළිහෙනා
පින්තාරු රෑ නුබ පුරා..//
මැවෙන සිතුවම් මකාගෙනමයි
පින්න මතකය තෙමන්නේ
විහඟ ගීතය නෑසෙනා
හුදකලා ඉවුරට වෙලා..//
සායමින් හැඩ කළේ මමමයි
නුඹ කුරුටු ගෑ හිස් රටා
2021.06.12
නිපුන් ඉමාෂණ රණවීර ✍️

Comments
Post a Comment