පතොක් වුණ කටරොළු මලක්෴


මගේ මැණිකේ මේක අහපන්
වසන් කරනා රහස කියපන්
කාටවත් නොකියාම සිටි මන්
මගේ රහසත් මං කියන්නම්

එදා ඉල්මහේ අමාවක දා
මොරත් සූරන් වැස්ස වැටුණා
ලෑලි දොරටම තඩිබාන කොට
ඉඳලා හිටලා හෙණත් ගැහුවා

අම්මලා සිරිපා වඳින කල
කවුරුවත් නොකියූම හින්දා
පැලේ විඳි ඒ අලුත් දුක ගැන
ඉඟිකලෙත් සත් දවස් පැනලා

වරපටක් ගෙන ගෙලේ දවටා
මැරෙන්ට ගිය වාර ගැනලා
අන්තිමේ හිත මෝරලා මගේ
උඹට පණ ටික දෙන්න හිතුවා

ඇහැල අඩසඳ ඉලුක් වහලෙන්
විලිබරව විලිලෑම බැලුවා
උඹත් කටරොළු කියපු හැටියේ
මගේ ඇස්බොඳ වෙලා පෙඟුණා

කාන්තාරෙක පිපුණ හින්දම
පිච්චිලත් පර නොවී කරුමෙට
පතොක් වුණ කටරොළු මලක් ලඟ
කියාපන් රන්ක⁣ඳේ ඒ ගැන

නිපුන් ඉමාෂණ රණවීර ✍️
2021.05.26෴

Comments

  1. Replies
    1. බෙහොම ස්තූතියි. 😍🙏❤️

      Delete
  2. නියමයි.. යාළුවා 👌👌❤

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා ❤️🙏

      Delete

Post a Comment

Popular posts from this blog

නුඹත් හරි මේ සසර පුරුදුමය...

අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..