හද පලුව විකා..
අහංකාරෙට පිපුණු කඩුපුල් හිරුට අනියම් වූ දිනේ පෑන් තුඩ ගෙන ලියන කවිවල රැයක් ඇයි තැන්පත් වුණේ.. වලාකුළකට මුවා වී සඳ අදත් පායන කලුවරේ බලාගෙන ඇති හිනාවෙනකල් සුසානේ මුර ගොම්මනේ.. පැසුණු ප්‍රේමය බිම වැටී ඇත අහුලගෙන නෑ ඉන් පලේ මල කුරුල්ලෙකු උඩ දමා උට ගල්ගසන්නේ මොන බණේ.. වැස්ස දාකට අඬන්නට උන් ගස්කොළන් පරඬැල් කළේ වසන්තය පසු කරන් ලඟ එන ග්‍රීෂ්මය දෝ සිහි කළේ.. ගල්ගැසී සිත්පිත් නොමැත්තෙක් වගේ ඉන්නට හුරු මෙහේ මල් පිපෙන්නේ කලාතුරකින් ගල්පැලී කුඩු වෙන කැලේ.. නිපුන් ඉමාෂණ රණවීර ✍️ 2021.06.18 *ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි. එහි අයිතිය මුල් හිමිකරුවන් සතුය.