Posts

Showing posts from May, 2021

පතොක් වුණ කටරොළු මලක්෴

Image
මගේ මැණිකේ මේක අහපන් වසන් කරනා රහස කියපන් කාටවත් නොකියාම සිටි මන් මගේ රහසත් මං කියන්නම් එදා ඉල්මහේ අමාවක දා මොරත් සූරන් වැස්ස වැටුණා ලෑලි දොරටම තඩිබාන කොට ඉඳලා හිටලා හෙණත් ගැහුවා අම්මලා සිරිපා වඳින කල කවුරුවත් නොකියූම හින්දා පැලේ විඳි ඒ අලුත් දුක ගැන ඉඟිකලෙත් සත් දවස් පැනලා වරපටක් ගෙන ගෙලේ දවටා මැරෙන්ට ගිය වාර ගැනලා අන්තිමේ හිත මෝරලා මගේ උඹට පණ ටික දෙන්න හිතුවා ඇහැල අඩසඳ ඉලුක් වහලෙන් විලිබරව විලිලෑම බැලුවා උඹත් කටරොළු කියපු හැටියේ මගේ ඇස්බොඳ වෙලා පෙඟුණා කාන්තාරෙක පිපුණ හින්දම පිච්චිලත් පර නොවී කරුමෙට පතොක් වුණ කටරොළු මලක් ලඟ කියාපන් රන්ක⁣ඳේ ඒ ගැන නිපුන් ඉමාෂණ රණවීර ✍️ 2021.05.26෴